වත්මන් ආණ්ඩුව බලයට පත්වී තවමත් ගතවී ඇත්තේ වසර එකහමාරක වැනි කෙටි කාලයක් වුවද, එහි ප්‍රබල අමාත්‍යවරුන් රුපියල් ලක්ෂ 2000, ලක්ෂ 3000 වැනි අතිවිශාල වත්කම් උපයාගෙන ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා සෘජු චෝදනාවක් එල්ල කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ වසර ගණනාවක් තිස්සේ දේශපාලනයේ නිරත වන තමන් වැනි අයට පවා එවැනි විශාල වත්කම් නොමැති බවයි.
එසේම මෙම කෙටි කාලය තුළදී අදාළ අමාත්‍යවරුන් කොළඹ ප්‍රදේශයෙන් තට්ටු දෙක තුනේ මහා මන්දිර පවා මිලදී ගෙන ඇති බවත්, වසර එකහමාරක් වැනි කෙටි කාලයකදී මෙවැනි අතිවිශාල ධනස්කන්ධයක් උපයා ගත්තේ කෙසේද යන්න පිළිබඳව දැඩි ප්‍රශ්නාර්ථයක් මතුවන බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.















