විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක සිට පවතින නිලධාරී පුරප්පාඩු 250ක් සඳහා නව නිලධාරීන් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සඳහා වන නිල අනුමැතිය ජාතික විගණන කොමිෂන් සභාව වෙතින් මේ වන විට හිමිව තිබේ.
මීට අමතරව, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම අරමුණු කරගනිමින් නව විශේෂ ඒකක 7ක් ස්ථාපිත කිරීමට ද පියවර ගෙන ඇත. ප්‍රසම්පාදන විගණන, විශේෂ පරීක්ෂණ වාර්තා ඒකකය, පරිසර විගණන සහ කාර්ය සාධන විගණන ඇතුළු සුවිශේෂී ක්ෂේත්‍ර කිහිපයක් මෙම නව ඒකකයන්ට ඇතුළත් වන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
















