සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර, පේරාදෙණිය, ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය වෙත ගොස් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, අතිපූජ්‍ය කැකිරිපටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. එහිදී අමාත්‍යවරයා විසින් මෙරට වත්මන් ආර්ථික හා සමාජීය කටයුතු මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව උන්වහන්සේ සමඟ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරන ලදී.
මහනුවර ජාතික රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, සෞඛ්‍ය සේවාවේ පවතින ගැටළු විසඳීම සඳහා ක්‍රමවත් සැලසුම් සකස් කිරීම පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී අනුනායක හිමියන් දැනුවත් කළේය. මහනුවර ජාතික රෝහලට නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීම මෙන්ම, රෝහලේ හෘද රෝග ප්‍රතිකාර සේවා සඳහා නවීන කැතලැබ් (Cath Lab) ඒකකයක් කඩිනමින් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ව්‍යාපෘතිය පිළිබඳවද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. වසර තුනක් තුළ මෙරට පුරා එවැනි මධ්‍යස්ථාන දහසක් ඉදි කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, එමගින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීම අරමුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම සාකච්ඡාවේදී රජයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද අදහස් දැක්වූ අමාත්‍යවරයා, රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන බවත්, මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ද කඩිනමින් ආරම්භ කරන බවත් ප්‍රකාශ කළේය. අමාත්‍යවරයාගේ ප්‍රකාශවලින් අනතුරුව අනුනායක නාහිමියන් විසින් අමාත්‍යවරයා ඇතුළු පිරිස වෙත ආශිර්වාද කරමින් අනුශාසනා සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපති මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















