පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
මෙම පෙත්සම මගින්, අදාළ විමර්ශනවලට මුවා වී තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා, එලෙස අත්අඩංගුවට ගැනීමක් සිදු වුවහොත් එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන බවත්, එය නීතියට පටහැනි බවත් තර්ක කරයි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.
















