ප්‍රතිපත්ති පාදක ණය පහසුකම් 2026 යටතේ ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදල ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මෙම වසර සඳහා මුලින් අනුමත කර තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 380ක ණය මුදලට අමතරව, එහි කොටසක් විශේෂ සංවර්ධන වැඩසටහන් සඳහා වෙන් කිරීමට පියවර ගෙන ඇත. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහනේ උප වැඩසටහන් 1 ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කර තිබේ.
මෙම ණය පහසුකම හරහා මෙරට ආර්ථික ස්ථාවරත්වය සහ කර්මාන්ත සංවර්ධනය වේගවත් කිරීම රජයේ අපේක්ෂාවයි.
















