විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සතු නායකත්ව කුසලතා, විනයගරුක බව සහ වෘත්තීය අත්දැකීම් ජාතික ව්‍යවසායකත්ව වැඩපිළිවෙලට දායක කර ගැනීම වර්තමානයේ අතිශය කාලීන අවශ්‍යතාවක් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසයි.
විශ්‍රාම ලැබීමට නියමිත සහ දැනට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ව්‍යවසායකයන් ලෙස ජාතික ආර්ථිකයට දායක කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක “රණවිරු ව්‍යවසායක අභිමන්” වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. මෙම රැස්වීම පැවැත්වුණේ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුණ ජයසේකර සහ චතුරංග අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
ගාල්ල දිස්ත්‍රික්කය තුළ දැනට සාර්ථකව ක්‍රියාත්මක වන රණවිරු ව්‍යවසායකත්ව නියමු ව්‍යාපෘතිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. මෙම වැඩසටහනේ මීළඟ අදියර කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය විධිමත් ගිවිසුම්ගත වීම්වල ඇති වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.රණවිරුවන්ගේ අත්දැකීම් සහ විනය ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයට එක් කිරීම හරහා නව ආර්ථික ශක්තියක් රටට ලබාගත හැකි වනු ඇති බව බලධාරීන් පෙන්වා දෙයි.
















