වැලේ වැල් නැතුව සිටි විපක්ෂයට මේ වන විට සුරේෂ් සලේ මාතෘකාවක් වී ඇති බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රිනී ඔෂානි උමයංගා මහත්මිය පවසයි.ඇය මේ බව සඳහන් කළේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය සහ විපක්ෂයේ ප්‍රතිචාර පිළිබඳව අදහස් දක්වමිනි.සියල්ලට ඉහළින් නීතිය ක්‍රියාත්මක වන රජයක් බලයේ සිටින විට විපක්ෂය මේ වන විට සලිත වී ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරිය, “සලේට දක්වන අනුකම්පාව විමල්ගේ නෝනටත් දැක්වූවා නම් හොඳයිනේ” යනුවෙන් ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය.
















