දකුණු පළාත් තාක්ෂණ සේවය සඳහා බඳවා ගත් තාක්ෂණික නිලධාරීන් (සිවිල්) සහ සත්ව සංවර්ධන උපදේශන නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (16) ගාල්ල ලබුදූව අමාත්‍යාංශ සංකීර්ණ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් තාක්ෂණික නිලධාරීන් 39 දෙනෙකුට සහ සත්ව සංවර්ධන උපදේශන නිලධාරීන් 08 දෙනෙකුට මෙලෙස පත්වීම් පිරිනැමීය. මෙම නිලධාරීන් දකුණු පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි සේවා අංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන වෙත අනුයුක්ත කිරීමට නියමිත බව වාර්තා වේ.
















