තරගයකදී ක්‍රීඩකයෙකු හැසිරුණු ආකාරය දැඩි ලෙස විවේචනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු මාධ්‍ය කළමනාකරු බ්‍රයන් තෝමස් සිය අදහස් දක්වා තිබේ.
එම ක්‍රීඩකයාගේ හැසිරීම අනුමත කළ නොහැකි බවත්, ඒ පිළිබඳව තරග තීරකවරයා විසින් වහාම පියවර ගෙන මීළඟ තරගයෙන් ඔහුට තහනමක් පැනවිය යුතු බවත් ඔහු පවසයි. ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බවත්, මෙවැනි හැසිරීම් කිසිසේත් නොගැළපෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
















