අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ප්‍රධානත්වයෙන් ධවල මන්දිරයේ දකුණු තණතිල්ලේ (South Lawn) පසුගිය ඉරිදා (14) දින ඓතිහාසික “UFC Freedom 250” සටන්කාමී තරගාවලිය පැවැත්වුණු අතර, එය ඉලක්ක කරගනිමින් දියත් කිරීමට සැලසුම් කර තිබූ දරුණු ප්‍රහාර මාලාවක් අමෙරිකානු FBI ආයතනය විසින් සාර්ථකව ව්‍යර්ථ කර තිබේ.
කුමන්ත්‍රණකරුවන් විසින් පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන යානා (Explosive-laden drones) භාවිත කරමින්, ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූන් සහ මෙම සුවිශේෂී UFC තරගය නැරඹීමට ධවල මන්දිර පරිශ්‍රයට පැමිණ සිටි අතිවිශාල ජනකාය ඉලක්ක කරගනිමින් මෙම දරුණු ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව හෙළි වී ඇත.
ලැබුණු රහසිගත බුද්ධි තොරතුරු මත වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ සහ FBI ආයතනය, අදාළ විනාශය සිදුවීමට පෙර සැකකරුවන් සහ ඩ්‍රෝන යානා කොටු කර ගැනීමට සමත්ව තිබේ. ජනාධිපති ට්‍රම්ප් මහතාගේ 80 වැනි උපන්දිනය ද යෙදී තිබූ මෙම විශේෂ දින උත්සව ශ්‍රීයට බාධා කරමින් රට කැළඹීමට ගත් මෙම උත්සාහය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
















