ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ ඊයේ (15දා) ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන්, ඉන්දීය නැගී එන ක්‍රිකට් ක්‍රීඩක විබව් සූර්යවංශිට (Vaibhav Suryavanshi) එරෙහිව විනය පියවරක් ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) සූදානම් වෙමින් සිටී.
වාර්තා වන අන්දමට මෙම විනය උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔහුට තරග තහනමක් හෝ දඩයක් නියම වීමේ අවදානමක් පවතී. මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ද දැඩි අවධානය යොමුව ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සූර්යවංශි වෙත අප්‍රසාද ලකුණු (Demerit Points) ලැබීමට ඉඩ ඇති බව ද පැවසේ.
















