විදෙස් රටක රැකියාවක් ලබා දෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 4,990,000/-ක මුදලක් වංචා කළ සැකකරුවෙකු කිලිනොච්චිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව කිලිනොච්චිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වාර්තා වන පරිදි, අදාළ සැකකරු ශ්රී ලාංකික පුරවැසිභාවය ලබාගත් ඉන්දීය ජාතිකයෙකි. මෙම වංචාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.
















