අමෙරිකානු FBI ආයතනය විසින් ධවල මන්දිරය ඉලක්ක කරගනිමින් දියත් කිරීමට සැරසුණු දරුණු ප්‍රහාර මාලාවක් ව්‍යර්ථ කර තිබේ. FBI අධ්යක්ෂ කාෂ් පටෙල් (Kash Patel) සහ රහස් සේවය (Secret Service) නිවේදනය කළේ, ධවල මන්දිර භූමියේ පැවති UFC උත්සවයක් ඉලක්ක කරගනිමින් සමූහ ජීවිත හානි සිදු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් මෙලෙස ව්‍යර්ථ කළ බවයි.
රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ උත්සවයට සහභාගිවූවන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය සැලසුම් කර තිබූ බව විමර්ශනවලදී හෙළි වී ඇත. අමෙරිකානු ජාතික ආරක්ෂක අංශ විසින් කාලෝචිත ලෙස ක්‍රියාත්මක වෙමින් මෙම අනතුර වළක්වා ගැනීමට කටයුතු කළේය.
මෙම කුමන්ත්‍රණය පිටුපස සිටි පුද්ගලයින් සහ ඔවුන්ගේ අරමුණු පිළිබඳව මේ වන විට දැඩි විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ. අමෙරිකානු ඉතිහාසයේ ඉතා සංවේදී ස්ථානයක් වන ධවල මන්දිරයට එල්ල වීමට ගිය මෙම ප්‍රහාරය ව්‍යර්ථ කර ගැනීමත් සමඟ එරට ආරක්ෂක තත්ත්වය පිළිබඳව යළිත් අවධානය යොමු වී ඇත.
















