උඩවලව ජල සම්පාදන යෝජනා ක්රමයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව නගරයට සහ අවට ප්‍රදේශ කිහිපයකට අද (17) දිනයේ පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
මෙම ජල සැපයුම අත්හිටුවීම අද පෙරවරු 9.00 සිට පස්වරු 10.00 දක්වා ක්‍රියාත්මක වේ. උඩවලව නගරය සහ RET නගර සීමාව ආශ්රිත ප්‍රදේශවල පදිංචිකරුවන්ට මෙම කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව දන්වා සිටින අතර, එම ප්‍රදේශවල පාරිභෝගිකයින්ට අවශ්‍ය ප්‍රමාණයට ජලය කල්තියා ගබඩා කර ගන්නා ලෙස බලධාරීන් ඉල්ලා සිටී.
















