පසුගිය වසරවල සිගරට් මත පනවන ලද බදු ප්‍රතිසංස්කරණවලින් ලද සාධනීය ප්‍රතිඵල මේ වන විට ආපසු හැරෙමින් පවතින බව නවතම වාර්තා පෙන්වා දෙයි. 2023 වසරේ සිගරට් බදු 20%කින් ඉහළ දැමීමත් සමඟ සිගරට් අලෙවිය මිලියන 521.5කින් අඩු විය. එමගින් රජයට රුපියල් කෝටි 770ක අමතර ආදායමක් උපයා ගැනීමට හැකි වූ අතර, මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ද අනුමත කරන ලද සාර්ථක ක්‍රමවේදයක් විය.
කෙසේ වෙතත්, 2024/25 කාලසීමාව තුළ සිගරට් බදු සහ මිල ගණන් නිසි ලෙස සංශෝධනය නොවීම හේතුවෙන් මේ වන විට 2025 වසරේ සිගරට් නිෂ්පාදනය 5%කින් ඉහළ ගොස් ඇත.
උද්ධමනයට සාපේක්ෂව බදු සහ මිල සංශෝධනය නොකිරීම නිසා ජනතාවගේ සිගරට් මිලදී ගැනීමේ හැකියාව වැඩි වී ඇති අතර, එය සිගරට් පරිභෝජනය ඉහළ යාමට හේතු වී තිබේ.
















