පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය වරයෙකුගේ බරපතළ විෂමාචාරයක් සම්බන්ධයෙන් අප විසින් පසුගියදා සිදුකල හෙලිදරව් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වඩාත් විශ්වසනීය සාක්‍ෂි රාශියක් මේ වන විට අප වෙත ලැබෙමින් තිබේ.
එකී සාක්ෂි මත පදනම් වෙමින් අප මෙම වැඩිදුර හෙලිදරව් කිරීම සිදුකරන අතර උපකුලපති මධුජිත් විසින් දැන් සිදුකල යුත්තේ මීට අදාලව ඔහු සතුව ඇති ලිපිගොනු ද රැගෙන වහාම CID ය වෙත ගොස් මෙම අවකල් ක්‍රියාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන මෙන් ඉල්ලා සිටීමයි.
AG/14/FT/071 අංකය යටතේ ලියාපදිංචි B.S.K උල්පත්කුඹුර ශිෂ්‍යාව විසින් 2019-11-14 සහ 2019-12-21 දිනැතිව පැමිණිලි දෙකක් ලිංගික සහ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වන ප්‍රචණ්ඩත්වය පිලිබද කමිටුව (SGBV) වෙත ඉදිරිපත් කර ඇත. මෙම පැමිණිලි දෙක සලකා බැලූ කමිටුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නිර්දේශ කර ඇත.
මේ සදහා වෛද්‍ය මනෝරි පතිරගේ මහත්මියගේ සභාපතිත්වයෙන් යුතුව ආචාර්ය කලණ සේනාරත්න සහ ආචාර්ය T.M.I.U.K තෙන්නකෝන් ඇතුලත් ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත් කර ඇත.
අදාල කමිටුව 2020-09-22 දිනැතිව සිය වාර්තාව ඉදිරිපත් කර ඇත.
මෙම විද්වත් පරීක්‍ෂණ කමිටුව සිය විමර්ශනය තුලින් අදාල ශිෂ්‍යාව ආචාර්ය ජයනාත් සහ ආචාර්ය ජයනාත්ගේ පවුලේ සාමාජිකයන් ද සම්බන්ධවෙමින් අන්තර් සහසම්බන්ධතා තත්ත්වයක් පැවතී ඇති බව සොයාගෙන ඇත.
ආචාර්ය ජයනාත් සහ අදාල ශිෂ්‍යාව අතර ආචාර්යවරයෙකු සහ ශිෂ්‍යාවක අතර වන අධ්‍යයන සම්බන්ධතාවලට එපිටින් නුසුදුසු වෘත්තීමය නොවන සහ සදාචාරවත් නොවන සම්බන්ධතාවයක් පැවතී තිබෙන බවද හෙලිදරව් කරගෙන තිබේ.
තවද අදාල ශිෂ්‍යාවට තර්ජනය කිරීම සහ විවිධ බලපෑම් එල්ල කිරීම ඇතුළු අදාල ආචාර්යවරයාගේ ක‍්‍රියාකලාපය අනුමත කල නොහැකි බවද එය අධ්‍යයන කාර්යමණ්ඩලයට මෙන්ම විශ්වවිද්‍යාලයේ කීර්තිනාමයටද හානි කරන්නක් බවද විද්වත් මණ්ඩලය සිය වාර්ථාවේ සටහන් කර ඇත.
කෙසේ වෙතත් මෙතරම් තොරතුරු සොයා ගත් අදාල විද්වත් කමිටුව නිර්දේශ ඉදිරිපත් කිරීමේදී, ආචාර්යවරයා සම්බන්ධයෙන් අසාමාන්‍ය ලිහිල් පිලිවෙතක් අනුගමනය කරමින් නිර්දේශ කර ඇත්තේ අදාල ආචාර්යවරයාට අවවාද කිරීමේ ලිපියක් නිකුත් කිරීමට සහ ඔහු අවම තරමේ වසර තුනක් පීඨාධිපතිගේ අධීක්‍ෂණය යටතේ තැබීමටය.
කෙසේ වෙතත් තහවුරු වූ අපචාර ක‍්‍රියාවන් සම්බන්ධ අපකීර්තිමත් ඉතිහාසයක් සහිත මෙම ආචාර්යවරයා එකී අධ්‍යනාංශයේ අධ්‍යනාංශ ප‍්‍රධානියා ලෙස පත්කිරීම ඔහු විසින් සිදුකලාවූ අපචාර ක‍්‍රියාවන්ට එහා ගිය බරපතල විෂමාචාරයක් වන බවට සැකයක් නැති අතර ඒ සදහා වගකිවයුත්තන් එම කාරණය දෙස ආපසු හැරී විචාරශීලීව බැලීම වටිනා බව නම් කිව යුතුය.
මතු සම්බන්ධයි.
















