ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් පසුගිය ජුනි 15 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය.
මෙම හමුවේදී වෙළෙඳාම, ආයෝජන, තිරසාර සංවර්ධනය සහ කාන්තා සුභසාධනය යන ප්‍රධාන ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව දෙපාර්ශ්වයේම අවධානය යොමු විය. විශේෂයෙන්ම රාජ්‍ය පාලනය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් තුළ කාන්තා නියෝජනය සහ සහභාගීත්වය ඉහළ නැංවීමට වත්මන් රජය දක්වන කැපවීම අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී අවධාරණය කරන ලදී.
පාලන ව්‍යුහයන් තුළ කාන්තාවන්ට අර්ථවත් නියෝජනයක් ලබා දීමේදී පවතින අභියෝග මඟහරවා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය වෙනස්කම්, කුසලතා සංවර්ධනය සහ ආයතනික ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනි කාමන් මොරීනෝ (Carmen Moreno) මහත්මිය, යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ගලියා අගිසේවා (Galija Agiseva) මහත්මිය ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















