‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම හෙට (18) දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
ප්‍රතිලාභී පවුල් 1,373,248ක් සඳහා රුපියල් 10,904,801,250.00ක මුදලක් බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කෙරේ.මෙම ගෙවීම් කටයුතු සිදු කරනු ලබන්නේ ‘අස්වැසුම’ පළමු අදියරේ ප්‍රතිලාභීන් සඳහා පමණක් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති / කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා සඳහන් කරයි.හෙට දින සිට අදාළ ප්‍රතිලාභීන්ට තමන්ගේ බැංකු ගිණුම් හරහා මෙම මුදල් ලබා ගැනීමේ හැකියාව පවතී.
















