මහජනතාවට උපරිම මූල්‍ය සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මඟින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 9ක මිල හෙට (18 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසල් හරහා පාරිභෝගිකයින්ට මෙම සහන මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගත හැකි බව අමාත්‍යාංශය නිකුත් කළ නිල නිවේදනයක සඳහන් වේ.
මෙම මිල සංශෝධනයට අනුව පාන් පිටි කිලෝවක් රුපියල් 10 කින් සහ පොන්නි සම්බා සහල් කිලෝවක් රුපියල් 6 කින් අඩු කර තිබේ. මීට අමතරව ලොකු කඩල, රතු නාඩු සහල්, සම්බා රතු කැකුළු සහල්, දේශීය සුදු නාඩු සහල් මෙන්ම සුදු කැකුළු සම්බා සහල් කිලෝවක් රුපියල් 5 කින් පහත දමා ඇත. එමෙන්ම සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 3 කින් සහ සුදු සීනි කිලෝවක් රුපියල් 2 කින් අඩු කිරීමට ද පියවර ගෙන තිබේ.
දේශීය වෙළෙඳපොළේ මිල ගණන් සැලකිල්ලට ගනිමින්, පවත්නා ජීවන වියදම් පීඩනයෙන් ජනතාව මුදාගැනීම සඳහා රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයකට අනුව මෙම මිල සහනය ලබාදී ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
















