මැදපෙරදිග කලාපය තුළ සාමය ස්ථාපිත කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය මැදිහත් වී ආරම්භ කර ඇති රාජ්‍යතාන්ත්‍රික සාම වැඩපිළිවෙළ පීලි පැනීමට ලක් නොකරන ලෙස ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි (Giorgia Meloni) මහත්මිය ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ සමස්ත මැදපෙරදිග කලාපීය ස්ථාවරත්වය රඳා පවතින්නේ ලෙබනනය සහ ගාසා තීරය මුහුණ දෙන අර්බුදයන්ට ලැබෙන විසඳුම් මත බවයි. එම නිසා කෙටිකාලීන මිලිටරි හෝ දේශපාලනික පියවරයන් වෙනුවට, කලාපයට ස්ථිර සහ තිරසාර සාමයක් උදාකර දිය හැකි දිගුකාලීන විසඳුම් කරා සියලු පාර්ශවයන් යොමුවිය යුතු බව ඇය අවධාරණය කළාය. මේ වන විට මේසය මත ඇති රාජ්‍යතාන්ත්‍රික සාම මාවත සාර්ථක කර ගැනීම සඳහා ඊශ්‍රායලය වඩාත් ධනාත්මක සහ වගකිවයුතු පාර්ශවකරුවෙකු ලෙස කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද ඇය සඳහන් කළාය.
එමෙන්ම ඊශ්‍රායලයේ පවතින අභ්‍යන්තර දේශපාලන අර්බුද හෝ අවශ්‍යතාවන් හේතුවෙන්, ජාත්‍යන්තරය මැදිහත් වී දැනට ගොඩනගමින් පවතින මෙම සුවිශේෂී රාජ්‍යතාන්ත්‍රික සාම මාවත විනාශ කර දැමීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බව ද ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














