ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර පවතින්නේ ඉතා විශිෂ්ට සබඳතාවක් බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉලක්ක කරගනිමින් යම් පාර්ශවයකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉන්දියාවේ සහයට ඇමෙරිකාව වහාම ඉදිරිපත් වන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබේ.
දෙරට අතර තවමත් නිල ආරක්ෂක ගිවිසුම් හෝ ලිඛිත එකඟතාවන් අත්සන් කර නොමැති වුවද, හදිසි අවස්ථාවකදී ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටීමට ඇමෙරිකාව සූදානම් බව ඔහු අවධාරණය කළේය. කෙසේ වෙතත්, ට්‍රම්ප් මහතා මෙහිදී විශේෂයෙන් පෙන්වා දී ඇත්තේ මෙම ශක්තිමත් ආරක්ෂක සහතිකය පවතින්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය යටතේ පමණක් බවයි. ඉදිරියේදී ඉන්දියාවට වෙනත් නායකයෙකු පත් වුවහොත් මෙම තත්ත්වය සහ ඇමෙරිකාවේ ස්ථාවරය සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකි බව ද ඔහුගේ ප්‍රකාශයෙන් ගම්‍ය වේ.
මෝදි පාලනය යටතේ ඉන්දියාවට ඇමෙරිකාවේ නොසැලෙන සහයෝගය හිමිවන බව ට්‍රම්ප් මහතා මෙමඟින් ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇති අතර, මෙය කලාපීය භූ-දේශපාලනය කෙරෙහි ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විචාරකයෝ පවසති.
















