දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ගොවි සංවිධාන 18ක් නියෝජනය කරන ගොවීන් පිරිසක් එක්ව වත්මන් පාලකයින්ට සහ බලධාරීන්ට එරෙහිව දැවැන්ත විරෝධතාවක නිරත වී තිබේ. තමන් මුහුණ දෙන දැඩි දුෂ්කරතා සහ පොරොන්දු ඉටු නොකිරීමට එරෙහිව ගොවි ජනතාව මෙලෙස සිය උපරිම විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.
මෙහිදී විරෝධතාවයේ නිරත වූ ගොවීන් දැඩි කෝපයෙන් යුතුව ප්‍රකාශ කර සිටියේ “76ක් කිව්වා සාපේ! උන්ම තමයි ඇත්ත සාපෙ! කට ඇරියොත් පච” යනුවෙනි. බලයට පත්වීමට පෙර සහ පසුව දේශපාලන අධිකාරිය විසින් ලබාදුන් පොරොන්දු සියල්ල මේ වන විට අසත්‍ය වී ඇති බවත්, තමන්ව දැඩි අපහසුතාවයට පත් කර ඇති බවත් ඔවුහු මෙහිදී චෝදනා කළහ.
ගොවි ජනතාව මුහුණ දෙන ගැටලුවලට වහාම තිරසාර විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත්, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ විරෝධතා ඉදිරියේදී තවදුරටත් දැඩි කරන බව ද ගොවි සංවිධාන නියෝජිතයෝ මෙහිදී අවධාරණය කළහ.
















