ඉරාන යුද සමයේදී චීනය සහ රුසියාව අනුගමනය කළ මධ්‍යස්ථ මෙන්ම අපක්ෂපාතී (Neutral) පිළිවෙත අගය කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබේ. විශේෂයෙන්ම චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යන නායකයන් දෙදෙනාම මෙම අර්බුදකාරී අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම මධ්‍යස්ථව කටයුතු කිරීම පිළිබඳව තමන් ඔවුන්ට පෞද්ගලිකව ස්තූතිවන්ත වන බව ද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් සහ ආරක්ෂක අංශ අතර යම් කනස්සල්ලක් ද මතු වී තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ චීනයේ සහ රුසියාවේ මෙම මධ්‍යස්ථභාවය අගය කිරීම හරහා, ඉදිරියේදී එම රටවල් විසින් වෙනත් ස්වෛරී රාජ්‍යයන් වෙත එල්ල කරන ආක්‍රමණ හෝ ප්‍රහාර හමුවේ ඇමෙරිකාව ද මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරනු ඇතැයි යන සැකය මෙයින් ජනිත වන බවයි.
ගෝලීය බලතුලනය සහ මිත්‍ර පාර්ශවීය රටවල ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ඉදිරි විදේශ ප්‍රතිපත්තිය කෙසේ වෙනස් වනු ඇත්දැයි ට්‍රම්ප් මහතාගේ මෙම ස්ථාවරයත් සමඟ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















