ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාව සිටි සමයේ ඩෙන්මාර්කයට අයත් ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට දැඩි උනන්දුවක් දැක්වූ බව ප්‍රසිද්ධ කරුණක් වුවද, ඒ වෙනුවෙන් ඇමෙරිකානු පුරවැසියන් මිලියන 3ක් වෙසෙන පුවර්ටෝ රිකෝ දූපත හුවමාරු කිරීමට ඔහුට අවශ්‍යව තිබූ බව හිටපු ස්වදේශික ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මයිල්ස් ටේලර් (Miles Taylor) හෙළි කර තිබේ. ටේලර් පවසන පරිදි, 2018 වසරේදී පුවර්ටෝ රිකෝ දූපත දරුණු සුළි කුණාටු විපතකින් යථා තත්ත්වයට පත් කරමින් තිබූ වටපිටාවක, “පුවර්ටෝ රිකෝව අපිරිසිදුයි සහ එහි මිනිසුන් දුප්පත්” යැයි පවසමින් එය දී ග්‍රීන්ලන්තය ලබාගත හැකිදැයි ට්‍රම්ප් තමන් ඉදිරියේදීම ප්‍රශ්න කර ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම චෝදනාව කිසිවිටෙකත් තහවුරු කර නොමැති අතර ටේලර් යනු තමන් කෙරෙහි වෛරයකින් පසුවන හිටපු නිලධාරියෙකු ලෙස හඳුන්වා දුන්නද, 2019 වසරේ නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත්පත ද මෙවැනිම වාර්තාවක් පළ කර තිබීම නිසා මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකි බව විචාරකයෝ පෙන්වා දෙති.
ආරක්ෂක උපායමාර්ගයක් වෙනුවෙන් ආක්ටික් කලාපයේ බලය තහවුරු කරගැනීමට උත්සාහ කිරීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, ඒ වෙනුවෙන් තමන්ගේම රටේ පුරවැසියන් කොටසක් වෙනත් රටකට පැවරීමට (Offload) යෝජනා කිරීම අතිශය බරපතළ සහ ආන්දෝලනාත්මක කරුණක් බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
















