යුක්රේනය විසින් රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි ප්‍රධාන තෙල් පිරිපහදුවක් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාර මාලාවක් හේතුවෙන් එම කලාපය පුරා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. ප්‍රහාරයත් සමඟ තෙල් පිරිපහදුවේ හටගත් දරුණු ගින්න හේතුවෙන් මුළු මොස්කව් නගරයම කළු දුමාරයෙන් වැසී ගොස් ඇති අතර, නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මේ වන විට ‘තෙල් වැසි’ (Oil rain) පතිත වන බවට ද ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු වාර්තා වෙයි. මෙම පෙරළිකාර තත්ත්වයත් සමඟ යුද උණුසුම රුසියානු අගනුවර මධ්‍යයටම දැඩිව දැනෙන්නට පටන්ගෙන ඇති අතර, තාක්ෂණික දියුණුවෙන් පිරි අනාගතයක් බලාපොරොත්තු වූ ලෝකයට මෙවැනි අමිහිරි පාරිසරික සහ යුදමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවීම කනගාටුදායක බව විචාරකයෝ පෙන්වා දෙති.
















