කලාත්මක විශිෂ්ටත්වයට වසර 25ක් සහ රුසියානු – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන සුවිශේෂී රුසියානු සම්භාව්‍ය බැලේ ප්‍රසංගය එළඹෙන ජූනි 27 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය සහ කොළඹ රුසියානු මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන මෙම ප්‍රසංගය “Once Upon a Silver Stage” ලෙස නම් කර තිබේ. රුසියානු බැලේ සහ නර්තන පාසලේ සිසුන් 690 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම ඓතිහාසික ප්‍රසංගය පැවැත්වෙන අතර, එය දෙරට අතර පවතින ශක්තිමත් සංස්කෘතික සබඳතාවන්හි සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
කොළඹ රුසියානු මන්දිරයේ අධ්‍යක්ෂිකා මාරියා පොපෝවා මහත්මිය සඳහන් කළේ රුසියානු සම්භාව්‍ය බැලේ කලාව වසර ගණනාවක සිට දෙරට අතර සංස්කෘතික පාලමක් ලෙස කටයුතු කර ඇති බවයි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති ලෙවන් එස්. ජගාරියන් මහතා සහ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහභාගි වීමට නියමිතය.
රුසියානු සම්භාව්‍ය බැලේ කලාවේ විශිෂ්ටත්වය විදහා දක්වන මෙම ප්‍රසංගය සඳහා දෙරටේම කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් පිරිසක් ද සිය දායකත්වය ලබා දී ඇත.
















