කොළඹ නාලන්දා විද්‍යාලයීය කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන දිවයිනේ ප්‍රමුඛතම අධ්‍යාපනික ප්‍රදර්ශනය වන ‘FUTURE MINDS 2026’, මහනුවර සිටි සෙන්ටර් (KCC) පරිශ්‍රයේදී හෙට (20) සහ අනිද්දා (21) යන දෙදින පුරා පැවැත්වේ.
මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනයේ කොළඹ අදියර පසුගිය සිකුරාදා (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අතිසාර්ථක ලෙස ආරම්භ වූ අතර, එය දින තුනක් පුරා පැවැත්විණි. එහි ආරම්භක උත්සවය සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ඉරාන් චම්පික සිල්වා, නාලන්දා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් අරුණ පෙරේරා සහ ෆියුචර් මයින්ඩ්ස් සභාපති චානක විජේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් සහ තරුණ තරුණියන් වෙනුවෙන් උසස් අධ්‍යාපන සහ වෘත්තීය මඟ පෙන්වීම් ලබාදෙන ප්‍රධානතම වේදිකාවක් ලෙස ‘FUTURE MINDS’ ප්‍රදර්ශනය සැලකේ.
















