තෙල්ලිප්පලෙයි ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම ඊයේ (18) එස්. ශ්‍රීපවනන්දරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
තෙල්ලිප්පලෙයි රෝහලේ පිළිකා ප්‍රතිකාර අංශය සහ රෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර, එහිදී ඇති වූ ගැටුම්කාරී වාතාවරණය පසුව විරෝධතාවක් දක්වා වර්ධනය වී තිබේ.
සිදුවීම අතරතුර මන්ත්‍රී රාමනාදන් අර්චුනාට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් සෙරෙප්පු මාලයක් පැළඳවීම සහ ඊට අදාළව ලියන ලද බැනරයක් ඔහුගේ වාහනය තුළ තබා විරෝධය පළ කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට දැඩි කතාබහට ලක්ව ඇත. “උස්සලා ගහනවා” යනුවෙන් කලින් ප්‍රකාශ කර තිබූ අර්චුනාට යාපනය ජනතාවගෙන් මෙවැනි ප්‍රතිචාරයක් ලැබීම විශේෂ සිදුවීමක් ලෙස වාර්තා වේ.
















