ලීසිං මගින් ලබාගත් වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යන ‘සීසර්වරුන්’ (Seizers) පොලිසිය විසින් ආරක්ෂා කරනු ලබන බවට චෝදනා කරමින්, ලීසිං වාරික ගෙවන්නන්ගේ සංගමය විසින් අද පොලිස් මූලස්ථානය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් දියත් කරන ලදී.
විරෝධතා පුවරු අතැතිව පොලිස් මූලස්ථානය ඉදිරිපිටට රැස්වූ පිරිස ප්‍රකාශ කළේ, තම වාහන බලහත්කාරයෙන් පැහැරගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් කොතෙක් පැමිණිලි කළත්, පොලිසියෙන් ඊට කිසිදු සාධාරණ විසඳුමක් නොලැබෙන බවයි. නීති විරෝධී ලෙස වාහන පැහැරගන්නා පිරිස් ආරක්ෂා කිරීමට පොලිසිය ක්‍රියා කරන බවත්, එම තත්ත්වය හේතුවෙන් තමන් දැඩි අසාධාරණයකට ලක්ව ඇති බවත් ඔවුහු වැඩිදුරටත් අවධාරණය කළහ.
ලීසිං වාරික ගෙවන්නන්ගේ මෙම විරෝධතාවත් සමඟ එම ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක්ද වාර්තා වූ අතර, වසර ගණනාවක් තිස්සේ පවතින මෙම ගැටලුවට වහාම මැදිහත්වී විසඳුමක් ලබා දෙන ලෙස විරෝධතාකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
















