Allianz Insurance Lanka Ltd. සමාගම, දිවයින පුරා විහිදුණු දැඩිගම සමූහයේ ශාඛා ජාලය සමඟ එක්ව පාරිභෝගිකයින් සඳහා නවතම සහ පහසු රක්ෂණ සේවා ප්‍රවේශයක් හඳුන්වා දී ඇත. 2026 මාර්තු මස අත්සන් තැබූ උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට අනුව මෙම සේවාවන් ක්‍රියාත්මක වේ.
මෙම හවුල්කාරිත්වය හරහා, රට පුරා පිහිටි දැඩිගම ශාඛා 350කට අධික සංඛ්‍යාවකින් Allianz රක්ෂණ තොරතුරු විමසා දැන ගැනීමට, රක්ෂණ වාරික ගෙවීමට සහ තාවකාලික රක්ෂණ සහතික මුද්‍රණය කරවා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබේ. මූල්‍ය සේවා, රන් ආභරණ සහ දේපළ වෙළෙඳාම් ඇතුළු ක්ෂේත්‍ර රැසක වසර 70කට වැඩි අත්දැකීම් සහිත දැඩිගම සමූහයේ ශක්තිමත් ශාඛා ජාලය හරහා Allianz සේවාවන් ලබා දීම පාරිභෝගිකයාට ඉමහත් පහසුවක් වනු ඇත.
මෙම අවස්ථාව සඳහා දැඩිගම සමූහයේ අධ්යක්ෂවරුන් වන රශ්මි දැඩිගම සහ ඉෂාන් දැඩිගම යන මහත්ම මහත්මීන් සහ Allianz Insurance Lanka ආයතනයේ ආයතනික විකුණුම් ප්‍රධානී මලික් පීරිස්, ජ්‍යෙෂ්ඨ සමූහ කළමනාකරු අමිල ලියනආරච්චි සහ සහකාර ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරු මිහිරාන් කෞශල්‍ය ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගී වූහ. පාරිභෝගිකයාට ප්රමුඛස්ථානයක් ලබා දෙමින් සේවා ප්‍රවේශය සහ තේරීමේ නිදහස තවදුරටත් පුළුල් කිරීම මෙම හවුල්කාරිත්වයේ මූලික අරමුණයි.
















