පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ සර් අයිවර් ජෙනිංග්ස් ශාලාවේ තම නේවාසික කාමරයේ විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සිසුවෙක් විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට කටයුතු කර තිබේ.
2026-03-07 වන දින විශ්වවිද්‍යාලයේ විනයාරක්ෂක නිලධාරින්ට ලැබුන රහසිගත තොරතුරක් මත අදාල නේවාසිකාගාරයේ අංක 1466 දරන කාමරය පරීක්ෂා කල අවස්ථාවේ අයිස් ඇතුළු මෙම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් විධිමත් විනය පරීක්ෂණයක් සිදුකිරීමෙන් පසුව එහි නිර්දේශ මත උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් විසින් සිය 2026-06-18 දිනැති ලිපිය මගින් මෙම නෙරපා හැරීම සිදුකර තිබේ.
මෙසේ නෙරපා හැර ඇත්තේ ආර්.එම්.ජී.කලණ නම් අංක A/21/314 අංකය යටතේ කලා උපාධි පාඨමාලාව සදහා ලියාපදිංචි වී සිටි ශිෂ්‍යයෙකි.
මෙම නෙරපා හැරීමට අනුව 2026-06-18 දින සිට අදාල ශිෂ්‍යයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස නොසැලකෙන අතර ශිෂ්‍යයෙකුට හිමි කිසිදු වරප්‍රසාදයක්ද ඔහුට නොලැබේ.
















