ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Prime Lands Residencies PLC, සිය නවතම අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන ‘MON VIE’ කොළඹ 05, තලකොටුව උද්‍යානය ප්‍රදේශයේදී ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Cantilevered නැරඹුම් වේදිකාවක් සහ Floating Rooftop අවන්හලක් ඇතුළුව අති නවීන අංග රැසකින් සමන්විත වේ. මහල් 25කට අධික ප්‍රමාණයකින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් සඳහා පොදු අවශ්‍යතා සහ විනෝදාස්වාද පහසුකම් වෙනුවෙන් අක්කරයකට ආසන්න භූමි ප්‍රමාණයක් එනම් වර්ග අඩි 40,000කට වැඩි ප්‍රමාණයක් වෙන් කර ඇත. ප්‍රධාන පාසල්, රෝහල් සහ නාගරික වාණිජ මධ්‍යස්ථාන වෙත ඉතා පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක මෙය පිහිටා තිබීම විශේෂත්වයකි.
නිදන කාමර 2 සහ 3කින් සමන්විත මෙම නිවාසවල මිල ගණන් රුපියල් මිලියන 86 සිට ආරම්භ වේ. ගැනුම්කරුවන් දිරිගැන්වීම සඳහා වසර හතරක පොලී රහිත ගෙවීමේ සැලසුම් සහ සියයට සියයක් බැංකු ණය පහසුකම් ලබා දීමට සමාගම කටයුතු යොදා ඇත. San Piling (Pvt) Limited මඟින් ගොඩනැගිල්ලේ මූලික ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන අතර, කොළඹ නගරයේ සුවිශේෂී මංසලකුණක් ලෙස මෙය 2030 වසරේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. ‘The art of family living, perfected’ යන තේමාව ඔස්සේ පවුල් කේන්ද්‍ර කරගත් නවීන නාගරික ජීවන රටාවක් අපේක්ෂා කරන පිරිස් සඳහා මෙය කදිම අවස්ථාවකි.
















