පොලිස්පතිවරයාගේ විශේෂ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම්වල තවත් සාර්ථක අදියරක් අවසන් කරමින්, ඊයේ (18) දිනය තුළ පමණක් පුද්ගලයින් 562 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
දිවයිනේ සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ඉතා කඩිනමින් සිදුකළ මෙම මෙහෙයුම්වලදී පුද්ගලයින් 23,581 දෙනෙකු දැඩි පරීක්ෂාවට ලක් කර ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර අපරාධවලට සෘජුව සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු, දින වරෙන්තුකරුවන් 236 දෙනෙකු, විවෘත වරෙන්තුකරුවන් 140 දෙනෙකු, බීමත්ව රිය පැදවූ රියදුරන් 54 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූවන් 128 දෙනෙකු ඇතුළත් වේ.
මීට අමතරව, මෙහෙයුම් අතරතුර වෙනත් රථවාහන වැරදි 4,749ක් ද පොලීසිය විසින් හඳුනාගෙන නීතිමය පියවර ගෙන ඇත. රට තුළ අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින් මෙම සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් අවධාරණය කරයි.
















