කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (19) සාර්ථකව පවත්වා තිබේ. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය ඒකාබද්ධව පාසල් දරුවන්ගේ නායකත්ව ගුණාංග සහ පෞරුෂය වර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවියන්ට මෙම සුවිශේෂී අවස්ථාව හිමි විය. මෙම සැසිවාරය අමතමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය විසින් නායකත්වය, පෞරුෂ සංවර්ධනය සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව සිසුවියන් දැනුවත් කළ අතර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් ජනාධිපති අරමුදලේ කාර්යභාරය සහ එමඟින් පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන සුබසාධන වැඩසටහන් පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.
















