ඉන්දියාවේ ප්‍රසිද්ධ අධ්‍යාත්මික නායකයෙකු වන ආචාර්ය ධිරේන්ද්‍ර ක්‍රිෂ්ණ ශාස්ත්‍රි මහතා (19) දින ඓතිහාසික නුවරඑළිය සීතාඑළිය ශ්‍රී සීතාඅම්මන් කෝවිලට පැමිණ විශේෂ පූජාවන් සඳහා සහභාගී විය. එහිදී කෝවිලේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි රාධක්‍රිෂ්ණන් මහතා ඇතුළු පාලක සභාව විසින් රන් ඇඳුමක් සහ මල්මාලාවක් පළඳවමින් ඔහුව උණුසුම් අයුරින් පිළිගත් අතර, විශේෂ පූජාවන්ගෙන් අනතුරුව බැතිමතුන් වෙනුවෙන් ආහාර බෙදාදීම ද සිදුවිය. ශ්‍රී ලංකාවේ ‘රාමායණ මංපෙත’ ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනකට සමගාමීව මෙරටට පැමිණි ඒ මහතා, (18) දින රම්බොඩ ශ්‍රී හනුමාන් කෝවිලේ ද විශේෂ යාඥාවන් සඳහා එක්ව තිබේ.
















