‘2026 නවෝත්පාදන නගර සමුළුව’ (Innovation 4 Cities Conference) ට සමගාමීව පැවැත්වෙන, ‘නාගරික දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව’ (Urban Climate Resilience) පිළිබඳ ගෝලීය වැඩමුළුවට සහභාගී වීම සඳහා කොළඹ නගරාධිපතිනි ව්රායි කැලි බල්තසාර් මහත්මිය කෙන්යාවේ නයිරෝබි නුවර බලා පිටත්ව යාමට නියමිතය.
ජුනි 21 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සමුළුව සඳහා සහභාගී වන නිල නියෝජිත කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස ඇය මෙම සංචාරයට එක්වනු ඇත. මෙම වැඩසටහන හරහා දේශගුණික විපර්යාස හමුවේ නාගරික ප්රදේශයන්හි පවතින ගැටළු විසඳීම සහ ඒවාට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරගැනීම පිළිබඳව ගෝලීය අත්දැකීම් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කෙරේ.
පළාත් පාලන ආයතන, එක්සත් ජාතීන්ගේ ජනාවාස වැඩසටහන (UN-Habitat) සහ ලොව පුරා නගර නියෝජනය කරන ප්රධානීන් රැසක් මෙම අවස්ථාව සඳහා එක් වීමට නියමිතය. නාගරික සංවර්ධනය සහ දේශගුණික ක්රියාකාරකම් සම්බන්ධයෙන් කොළඹ නගරය වෙනුවෙන් වැදගත් අත්දැකීම් සහ නව තාක්ෂණික දැනුම ලබා ගැනීම මෙම සංචාරයේ ප්රධාන අරමුණයි.















