සර්වජන බලයේ මහලේකම්, නීතිඥ රංජන් සෙනෙවිරත්න මහතා පවසන්නේ ශානි අබේසේකර මහතා විසින් සිදු කළ ප්‍රංශ සංචාරය ජනතා මුදලින් නීති විරෝධී ලෙස සිදු කර ඇති බවයි. ඔහු මෙම චෝදනාව එල්ල කළේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජන් සෙනෙවිරත්න මහතා, පාස්කු ප්‍රහාරයට පෙර ඒ පිළිබඳව ඇතැම් පාර්ශව දැනුවත්ව සිටි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වාර්තා පිළිබඳව ද කරුණු අවධාරණය කළේය.
“පාස්කු ප්‍රහාරයට පෙර සියල්ල දැනුවත්ව සිටියා යන ලිපිය සංසරණය වනවා. හරින් ප්‍රනාන්දු මහතාත් ප්‍රකාශ කළා තමාගේ පියා ප්‍රහාරයක් එන බව පැවසූ බව. ඒ නිසා කාදිනල්තුමාත් මේ බව දැනගෙන සිටියාද යන්න පිළිබඳව විමර්ශනය කළ යුතුයි,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
තවද, තිස් වසරක යුද්ධය පැවති සමයේදී දේශපාලන නායකත්වය ලබා දුන් ආකාරය සිහිපත් කළ ඒ මහතා, වත්මන් දේශපාලන වාතාවරණය සහ සිදුවීම් පිළිබඳව පූර්ණ විමර්ශනයක අවශ්‍යතාව අවධාරණය කර සිටියේය.
















