• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණිය කෘෂි පීඨයේ පිළිතුරුපත් ගිනි තැබීම ඔප්පු වී තිබියදී.

වරදකරු සුරතල් කල පුද්ගලයා කවුද ?

20 June 2026
in දේශීය, පුවත්
පේරාදෙණිය කෘෂි පීඨයේ  පිළිතුරුපත් ගිනි තැබීම ඔප්පු වී තිබියදී.
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අනාගත පරපුරට වැරදි ආදර්ශයක් විය හැකි සිදුවීම යටගැසූ පුද්ගයන්ටද දඩුවම් දෙනු
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්‍ෂණික දෙපාර්තමේන්තුවේ (Department of Food Science and Technology) කථිකාචාර්ය එන්.වයි.ජයනාත් යන අය විසින් සිදුකර තිබෙන විෂමාචාරයන්ට එරෙහිව විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා විසින් සිදුකරන ලද පරීක්‍ෂණයේදී ජයනාත් නැමැති අය සිදුකරන ලද සදාචාරවත් නොවන ක‍්‍රියාවන් රාශියක් එලිදරව් වී තිබේ.
ජයනාත් නැමැත්තා විසින් පිළිතුරුපත් සලකුණු කිරීම සදහා ඔහු සමග සමිප සම්බන්ධතාවයක් පවත්වන ලද උල්පත්කුඹුර නැමැති ශිෂ්‍යාවට අමතරව තරිදු ලක්‍ෂාන් නැමැති තවත් ශිෂ්‍යයෙකුද නීති විරෝධී ලෙසට යොදවාගෙන තිබෙන බව අදාල පරීක්‍ෂණයේදී හෙලිදරව්ව ඇති අතර තරිදු ලක්‍ෂාන් නැමැති අය ලලිත් ඒකනායක මහතා ඉදිරිපිටදී ලබාදුන් සිය සාක්‍ෂියේදී ඒ බව පිළිගෙන තිබේ.ලලිත් ඒකනායක වාර්ථාවේ 36 වන පිටුවේ එකී පිලිගැනීම සටහන්ව ඇත.අවශ්‍ය කෙනෙකුට එය කියවා ගැනීමට හැකිය.
එහිදී හෙලිදරව් වී ඇති පරිදි සනාථන සභාවේ අනුමැතියකින් තොරව වෙනත් කථිකාචාර්යවරයෙකුට පවා පිළිතුරුපත් සලකුණු කිරීම සදහා සහභාගීවීමට නොහැකි තත්ත්වයක් තුල තරිදු ලක්‍ෂාන් නැමැති අය එකී කාර්යයට යොදවා ගැනීම සම්පූර්ණයෙන්ම නීත්‍යාණුකූල නොවන සහ සදාචාරවත් නොවන ක‍්‍රියාවක් බව පැහැදිලිව පෙනී යයි.
ගරු කටයුතු විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරුවරයා සිය වාර්ථාවේ අවසාන ඡේදය මගින් දක්වා තිබෙන නිර්දේශය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බලධාරීන් මතු නොව මෙරට සියළු පුරවැසියන් සිහිබුද්ධියෙන් විමසා බැලිය යුතු කරුණුවලින් යුක්තය.එබැවින් එය මෙහිදී සම්පූර්ණයෙන්ම උපුටා දැක්වීම අත්‍යවශ්‍යව තිබේ.එය මෙසේය.
(උපුටා ගැනීම)
”ඒ අනුව චූදිත නිලධාරී එන්.වයි.ජයනාත් මහතා කෘෂිකර්ම පීඨයේ ආහාර විද්‍යා හා තාක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය (දැනට වැඩ තහනමට ලක්ව ඇති ) ට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා අතරින් 3 වන චෝදනාවට පමණක් ඔහු නිවැරදි කරු වන අතර 1,2,4,5,6,7,8,9,10,11 යන චෝදනා සදහා චූදිත වරදකරු වන බැවින්ද චූදිත නිලධාරී විසින් කර ඇති විෂමාචාරයන් දෙස බැලීමේදී වසර 9 ක පළපුරුදු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස වගකිවයුතු නිලධාරියෙක් වශයෙන් කිසිසේත් සමාජය අනුමත නොකරන ඔහුගේ චාරානුකූලභාවයක් නොමැති ක‍්‍රියා පිළිවෙල හේතුකොටගෙන සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතියම අපහසුතාවයට හා අපකීර්තියට පත් කරමින් අනාගත ගුරු ශිෂ්‍ය පරපුරට අනාදර්ශයක් දෙමින් සිදුකර ඇති හා සනාථ වී ඇති විෂමාචාරයන් සුළු කොට තැකිය නොහැකි බවත් නිසි දඩුවම් ලබා නොදෙන්නේ නම් එය අනාගත පරපුරටම වැරදි ආදර්ශයක් විය හැකි බවත් සලකා ඉහත කී චූදිත නිලධාරිට විශ්වවිද්‍යාල ආයතන සංග‍්‍රහයේ අදාල වගන්ති කඩ කිරීම පිළිබදව දැඩි ලෙස කටයුතු කල යුතු වන බවට සියළු කරුණු සලකා නිර්දේශ කරමි.*
(උපුටා ගැනීම අවසන්)
පරීක්‍ෂණය සිදුකල විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා මෙතරම් අවධාරණාත්මක සහ දැඩි නිර්දේශයක් ලබාදී තිබියදීත් එවකට සිටි පාලකයන් සිදුකර ඇත්තේ ලලිත් ඒකනායක මහතාගේ නිර්දේශයන්ට කොචෝක් කරමින් චූදිත නිලධාරීයාට සුළු දඩුවමක් ලබාදී චූදිතයා නිදහස් කිරීමයි.
මෙම තීරණය එක් අතෙකින් නීතියට සරදම් කිරීමකි.ජයනාත් නැමැත්තාට චෝදනා ගොනු කර තිබෙන්නේ විශ්වවිද්‍යාල ආයතන සංග‍්‍රහයේ විනය පරිච්ඡේදයේ එන බරපතල වැරදි යටතේය.ඒ අනුව එකී බරපතල වැරදි සදහා ලබාදීය යුතු බරපතල දඩුවම් එකී විනය පටිපාටියේ දක්වා ඇත.ඒවා නම් වැටුප් වර්ධක අත්හිටුවීම හෝ අඩු කිරීම, උසස් වීම් සදහා පෙනී සිටීමට නුසුදුස්සෙක් කිරීම, උසස්වීම් අත්හිටුවීම, ජ්‍යෙෂ්ඨතාවය අඩු කිරීම, තත්ත්වයෙන් පහල හෙලීම, අකාර්යක්‍ෂමතාවය මත විශ‍්‍රාම ගැන්වීම, සේවය අවසන් කිරීම හෝ සේවයෙන් නෙරපා හැරීමය.
ආයතන සංග‍්‍රහයේ නිර්වචනයට අනුව අවවාදය දඩුවමක් සේ නොසැලකේ.ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ජයනාත්ට දඩුවම් නියමකර ඇත්තේ නීතියට ප‍්‍රතිලෝම ලෙසය.සරලව කිවහොත් නීතිය අන්තිම අඩියටම නවලාය.
ලලිත් ඒකනායක මහතා සිය වාර්ථාවේ 40 වන පිටුවේ පළමු ඡේදයේ තද කළු අකුරින් සටහන් කරමින් අවධාරණය කර ඇත්තේ ”චූදිත නිලධාරී යන චෝදනා සදහාද ඉහත සදහන් කරන ලද සියළු හේතූන් මත වෙන වෙනම වරදකරු විය යුතු බවට නිගමනය කරමි.” යනුවෙනි.
එල්ල කර තිබෙන බරපතල චෝදනා 11 න් 10 කටම වෙන වෙනම වරදකරු වීම යනු එක් එක් චෝදනාවන් සදහා වෙන වෙනම දඩුවම් නියම කල යුතු බවය.ඒ අනුව දඩුවම බර වැඩි විය යුතු බව සාමාන්‍ය අවබෝධයන් ඇත්තන්ට වුද වැටහේ.එහෙත් පේරාදෙණි පාලකයන් සුළු දඩුවමක්ලබාදී වැඬේ ෂේප් කිරීමට කටයුතු කර තිබෙන්නේ සාමාන්‍ය අවබෝධයවත් නොමැත්තන් ලෙස බව කණගාටුවෙන් වුවද කිව යුතුව තිබේ.
ඒ අනුව පේරාදෙණි බලධාරීන් ලලිත් ඒකනායක මහතාගේ නිර්දේශයන්ට පයින් ගසා වරද සුළු කොට තකමින් චූදිතයාට දඩුවම් ලබා නොදීමට කටයුතු කර අනාගත පරපුරට ඉතා අනර්ථකාරී පූර්වාදර්ශයක් සපයා තිබෙන අතර එපමණකින් නොනැවතී මෙම දුෂිත පුද්ගලයා තනතුරේ ස්ථීර කරමින් එතෙකින්ද නොනැවතී ඔහුට අංශ පධාන තනතුරද ලබාදී මෙරට නීතිය සහ සදාචාරය පයින් පාගා දමා කටයුතු කර තිබෙන බවත් දැනගත යුතු අයවළුන්ගේ දැන ගැනීම සදහා මෙහි සටහන් කර තබමි.
මතු සම්බන්ධයි
Post Views: 2
Previous Post

වේදනාව මැද ගීතයක සැනසීම

Next Post

ඉන්ධන මිල වහාම අඩු කළ නොහැකියි වෙළෙඳපොළ මිල බර රජය දරන බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන මිල වහාම අඩු කළ නොහැකියි   වෙළෙඳපොළ මිල බර  රජය දරන බව  අගමැතිනි හරිනි අමරසූරිය පවසයි

ඉන්ධන මිල වහාම අඩු කළ නොහැකියි වෙළෙඳපොළ මිල බර රජය දරන බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved