ඉන්ධන මිල වහාම අඩු කිරීමේ හැකියාවක් නොමැති බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.
ගෝලීය වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල පහත වැටී තිබුණද, දේශීය මිල ගණන් ක්ෂණිකව සංශෝධනය කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව අගමැතිනිය පෙන්වා දෙයි. ඇය වැඩිදුරටත් පැහැදිලි කළේ, වර්තමානයේ වෙළෙඳපොළේ පවතින ඉන්ධන තොග මිලදී ගෙන ඇත්තේ ඉහළ මිලකට බවත්, එම මිල බරින් විශාල කොටසක් දැනටමත් රජය විසින් දරා සිටින බවත්ය.
රටේ පවතින ඉන්ධන මිල රුපියල් 700ක් වැනි මට්ටමක පැවතිය යුතු වුවද, ජනතාවට එම බර සම්පූර්ණයෙන්ම පැටවීමට රජය උත්සාහ නොකරන බවත්, මිල ගණන් සම්බන්ධයෙන් පවතින සැබෑ තත්ත්වය මෙලෙස රජය විසින් ජනතාවට පැහැදිලි කර දෙනු ලැබේ.
















