වසර 48ක පමණ කාලයකට පසු ජපානය සිය වීසා ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. ජපාන කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නව ගාස්තු සංශෝධනය, ජූලි 01 වන දින හෝ ඉන් පසු ඉදිරිපත් කරනු ලබන සියලුම වීසා අයදුම්පත් සඳහා අදාළ වේ.
නව ගාස්තු ව්‍යුහය යටතේ, තනි ප්‍රවේශ වීසා බලපත්‍රයක් (Single Entry Visa) ලබා ගැනීමේ පිරිවැය ජපන් යෙන් 3,000 සිට යෙන් 15,000 දක්වා ඉහළ යනු ඇත. දශක පහකට ආසන්න කාලයක් පවත්වාගෙන ආ ගාස්තු ව්‍යුහය මෙලෙස සංශෝධනය කිරීමට ජපාන බලධාරීන් පියවර ගෙන ඇත්තේ වත්මන් ආර්ථික තත්ත්වයන් සහ පරිපාලනමය අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි.
මෙම තීරණයත් සමඟ ජපානයට සංචාරය කිරීමට හෝ වෙනත් කටයුත්තක් සඳහා වීසා බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂා කරන විදේශිකයන් සඳහා වීසා පිරිවැයේ සැලකිය යුතු වැඩිවීමක් සිදුවනු ඇත.
















