දෙහිවල සත්වෝද්‍යානයේ උපත ලැබූ සිංහ පැටවුන් දෙදෙනා ඉතා සමීපව නැරඹීම සඳහා ජනතාවට ලබා දී තිබූ විශේෂ අවස්ථාව හෙට (21) දිනයෙන් අවසන් වන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පසුගිය සති කිහිපය තුළ දහස් සංඛ්‍යාත නරඹන්නන් පිරිසක් මෙම සිංහ පැටවුන් දෙදෙනාගේ ක්‍රියාශීලී දසුන් නැරඹීමටත්, ඒ ආසන්නයේ සිට ඒ අත්දැකීම විඳ ගැනීමටත් සත්වෝද්‍යානය වෙත පැමිණියහ. එම විශේෂ අවස්ථාව අද සහ හෙට දිනයන්ගෙන් පසුව අවසන් කිරීමට තීරණය කර ඇති බැවින්, සිංහ පැටවුන් ළඟින් දැක බලා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සත්ව ලෝලීන්ට සහ පවුලේ සැමට හෙට දිනය තුළ සත්වෝද්‍යානය වෙත පැමිණෙන ලෙස දෙපාර්තමේන්තුව ආරාධනා කරයි.
සත්ව සුභසාධනය සහ ඔවුන්ගේ ස්වාභාවික හැසිරීම් රටාවන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම විශේෂ වැඩසටහන් සීමිත කාලයක් සඳහා පමණක් ක්‍රියාත්මක කෙරේ.
















