• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උදේ ඉඳන් රෑ වෙනකන් ආණ්ඩුව ගැන කියන තරමක් කියන්නෙ පච..

- අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත -

21 June 2026
in දේශීය, පුවත්
උදේ ඉඳන් රෑ වෙනකන්  ආණ්ඩුව ගැන කියන තරමක්  කියන්නෙ පච..
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට ස්ථාවර හෙටක් උදා කරදීමේ අරමුණින් නිල ඉඩම් හිමිකම් ප්‍රදානය කිරීම සහ නිවාස ඉදිකිරීම සඳහා චෙක්පත් ලබා දීම උඩුදුම්බර බටුමුල්ල විද්‍යාලයේදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාවේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තේක්කවත්ත කොටසෙන් අක්කර 30ක් ප්‍රතිලාභීන් 114 දෙනෙකු වෙත පවරා දුන් අතර, නිවාස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් හිමිවන පරිදි, එහි පළමු අදියර ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් වූ චෙක්පත් ප්‍රතිලාභීන්ට ප්‍රදානය කරන ලදී. මෙතරම් විශාල පිරිසකට ආපදා අවස්ථාවකදී රජයකින් මෙවැනි මුදල් ප්‍රතිපාදන ලබා දුන් පළමු අවස්ථාව මෙය බව ජනතාව පෙන්වා දුන්හ.
මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා දැක්වූ අදහස්:
මාධ්‍යවලට මේ වැනි ආණ්ඩු මීට පෙර හමු වී නැත. උදේ සිට රෑ වන තුරු ඇතැම් මාධ්‍ය ආණ්ඩුව සම්බන්ධයෙන් පවසන්නේ සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරුය. රටක ප්‍රශ්න තිබිය හැකියි, ප්‍රශ්න නැති රටක් ලෝකයේ නැත. දිට්වා සිද්ධියෙන් පසු ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය අවධානය යොමු කළේ විපතට පත් වූවන්ට හැකි උපරිම සහන ලබා දීමටයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මුදල් ප්‍රතිපාදන තිබුණද, ඒවා නීතිමය චක්‍රලේඛවලට අනුව නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුය. මුදල් පිළිබඳ කිසිදු ගැටලුවක් නැත. ආපදාවට පත් වූවන්ට තිබූ ජීවිතයට වඩා යහපත් ජීවිතයක් ලබා දීම රජයේ ප්‍රතිපත්තිමය තීරණයයි.
මිනිසා ඉදිරියට විසඳිය නොහැකි කිසිදු ප්‍රශ්නයක් නොඑන බව කාල් මාක්ස් දාර්ශනිකයා පවසා ඇත. එනිසා කිසිදු අසුබවාදී අදහසක් ඇති කර නොගත යුතුය. අතීතයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුලින්ම ලබා ගත්තේ වාහන බලපත්‍රයයි. එහෙත් අපි උඩට බෙදාගෙන නැත. රටේ භාණ්ඩාගාරයට එකතු වන ආදායම ජනතාවටම ලබා දීමට අපි කටයුතු කරමින් සිටිමු. රජය බලයට පත් වූ වහාම රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කළ අතර, ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය රුපියල් 30,000 සිට 60,000 දක්වා දෙගුණ කළෙමු.
ජීවිතය දෙස සුබවාදීව බැලිය යුතුය. අලංකාර හීන දැක ඒවා සාර්ථක කර ගැනීමට කැපවිය යුතුය. ආණ්ඩුව, රාජ්‍ය යාන්ත්‍රණය සහ ජනතාව එකම අරමුණක් වෙනුවෙන් එක මිටකට එක් වුවහොත් පමණක් අපේක්ෂිත ඉලක්ක සම්පූර්ණ කරගත හැකිය.
Post Views: 5
Previous Post

රු. කෝටි 45කට අධික ණය සදහා දයා ගෘප් වත්කම් වෙන්දේසි කිරීමට මහජන බැංකුවට අවසර:

Next Post

ඉන්ධන QR කේතය ඉවත් කරයිද?

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන QR කේතය  ඉවත් කරයිද?

ඉන්ධන QR කේතය ඉවත් කරයිද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved