අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ඔට්ටු ඇල්ලීම් සහ සූදු ක්‍රීඩා සඳහා ඉදිරියේදී බදු අය කිරීම සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමුව ඇති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා නිවේදනය කළේ, මෙම ක්ෂේත්‍රය නිසි පරිදි නියාමනය කිරීමෙන් අනතුරුව බදු පැනවීමේ කටයුතු ආරම්භ කරන බවයි.සූදු ව්‍යාපාර නියාමනය කිරීම සඳහා පසුගිය වසරේ හඳුන්වා දුන් පනතට අනුව, ඉදිරියේදී ඒ සඳහා වන විශේෂ නියාමන අධිකාරිය පිහිටුවා අවශ්‍ය නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට නියමිතය.
දැනට නියාමනයකින් තොරව අන්තර්ජාලය ඔස්සේ සිදුවන සූදු ක්‍රීඩා හරහා රජයට විශාල ආදායමක් අහිමි වී ඇති බව හඳුනාගෙන ඇති අතර, බදු පැනවීම හරහා එම ආදායම රටේ සංවර්ධනයට යොදා ගැනීමට බලාපොරොත්තු වේ.අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු සහන: මෙම නව බදු ප්‍රතිපත්තියට සමගාමීව, ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පවතින වක්‍ර බදු අවම කිරීමට රජය සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















