අධිකරණයේ විභාග වන නඩු කටයුතුවලදී දරුවන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දීමේ පහසුකම් සැලසීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (22) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අතර මෙම සාකච්ඡාව පැවැත්වුණි.
වීඩියෝ තාක්ෂණ පහසුකම්: අපරාධ නීති විධිවිධාන සංග්‍රහයේ සංශෝධනවලට අනුව, දරුවන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දීමේ හැකියාව සලසා ඇත.විනිසුරුවරුන් දැනුවත් කිරීම: මෙම නව ක්‍රියාවලිය පිළිබඳව විනිසුරුවරුන් දැනුවත් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය අනෙකුත් කටයුතු සිදු කෙරෙමින් පවතින බව අමාත්‍යවරයා පැවසීය.
නඩු කඩිනම් කිරීම: ළමුන් සම්බන්ධයෙන් පවතින නඩු කඩිනම් කිරීම සහ ළමා හා යෞවන ආඥා පනතේ ප්‍රතිපාදන පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා හිංසනය පිළිබඳ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත ආචාර්ය නජාත් මල්ලා ම්ජිඩ් (Dr. Najat Maalla M’jid), යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ නියෝජිත එමා බ්‍රිගම් (Emma Brigham) සහ යුනිසෙෆ් සංවිධානයේ ළමා ආරක්ෂණ විශේෂඥ වෛද්‍ය හේමමාල් ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















