විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ සිය පියාණන්ගේ ජන්ම දින සැමරුම නිමිත්තෙන් ජනතා සේවාවන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවයි. ලබන ජූනි 23 වැනිදාට යෙදෙන එම ජන්ම දින සැමරුම පාර්ලිමේන්තු දිනයක් වන බැවින්, මෙම සේවාවන් ජූනි 21 දින ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබිණි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවගේ ප්‍රයෝජනය උදෙසා රුධිර කාන්දුකරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 30කට වැඩි වටිනාකමකින් යුත් ‘හිමෝඩයලිසිස්’ (Hemodialysis) යන්ත්‍රයක් ජාතික රෝහල වෙත පරිත්‍යාග කිරීම.
සම්බුද්ධ ශාසනයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන් දැවැන්ත ජාතික සංඝ කථිකාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීම. ඒ පිළිබඳව ගරුතර මහනායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කර ආශිර්වාදය ලබාගෙන ඇති අතර, ඉදිරියේදී ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සියලු පාර්ශවයන් ඒකරාශී කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
















