තෙල්දෙණිය ප්‍රදේශයේ කාන්තාවකගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු විසින් දිවයිනේ විවිධ අධිකරණවල පවතින නඩු මගින් ඔහුගේ දීර්ඝකාලීන මූල්‍ය වංචා සහ විවාහ පොරොන්දු ජාවාරම් අනාවරණය වී තිබේ.
ගම්පහ මහාධිකරණය (නඩු අංක බී 1893/19): විවාහ වන බව පවසා රුපියල් 11,873,000ක මුදලක් වංචා කිරීම සහ වාහනයක් නීති විරෝධී ලෙස භාවිතා කිරීම.
අලුත්කඩේ අංක 05 අධිකරණය (නඩු අංක බී 98858/05/2018): විවාහ වන බව පවසා රුපියල් 1,721,000ක මුදලක් වංචා කිරීම.අලුත්කඩේ අංක 05 අධිකරණය (නඩු අංක බී 15191/05/2019): විවාහ වන බව පවසා රුපියල් 1,376,000ක මුදලක් වංචා කිරීම.තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය (නඩු අංක බී 33176, 33174): විදේශ රටවලින් වාහන ගෙන්වා දෙන බව පවසා රුපියල් 2,200,000ක මුදලක් වංචා කිරීම.අලුත්කඩේ අධිකරණය (නඩු අංක බී 7002/23): විදේශගත කරන බව පවසා රුපියල් 4,200,000ක මුදලක් වංචා කිරීම.මීට අමතරව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් මොහුට එරෙහිව අලුත්කඩේ (බී 88175/18, බී 2 1763), හොරණ (බී 35175/18) සහ කඩුවෙල (බී 12025/18) යන අධිකරණවල ද නඩු පවත්වාගෙන යනු ලබයි.විවාහ වීමේ මුවාවෙන් සහ විවිධ රැකියා හෝ ව්‍යාපාරික පොරොන්දු ලබා දෙමින් අහිංසක පුද්ගලයන් ගොදුරු කරගනිමින් මෙලෙස කෝටි ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු ප්‍රකටව සිටින බව අනාවරණය වේ.
















