පස්බාගේ කෝරළයේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලය මගින් සංවිධානය කළ දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් උත්සවයේදී අදහස් දක්වමින් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තුෂාරි ජයසිංහ මහත්මිය මේ බව පැවසුවාය.
නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේදී මෙම උත්සවය පැවැත්වුණු අතර, එහිදී මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළේ රජයක් ලෙස තමන්ට සිදු වී ඇත්තේ ජනප්‍රිය දේවල් කිරීමට වඩා කල්ගත වන සහ දුෂ්කර කාර්යයන් ඉටු කිරීමට බවයි. රටේ ගමන යහපත් කිරීමට සහ සමාජයේ පුරවැසියන් යහමගට ගැනීමට ඇතැම් විට අකමැත්තෙන් වුවත් දඬුවම් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත්, එමගින් ඇතැම් පාර්ශ්වවල හිත් රිදවීම් සිදු විය හැකි බවත් ඇය අවධාරණය කළාය.
මෙහිදී සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ ද අදහස් දැක්වූහ. උන්වහන්සේ සඳහන් කළේ එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි වැඩ නිසා සමස්ත ශාසනයටම දොස් නැගීම කාලෝචිත නොවන බවයි. වැරැද්දක් කරන පුද්ගලයාට දඬුවම් හිමි විය යුතු වුවද, වැරදි නොකරන ගිහි පැවිදි දෙපාර්ශ්වයම ආරක්ෂා කර ගත යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් සිහිපත් කළහ.
මෙම උත්සවයේදී දහම් පාසල් 31ක සිසුන් 2500කට ආසන්න පිරිසකගෙන් තෝරාගත් ජයග්‍රාහකයින් 205 දෙනෙකු සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර ප්රදානය කෙරිණි. නාවලපිටිය ශ්‍රී කවිශ්වර වේළුවනාරාම විහාරස්ථ ශ්‍රී සුගතධම්මෝදය දහම් පාසල මෙවර සමස්ත කුසලානය දිනා ගැනීමට සමත් විය.
















