ධර්මපුරම් පොලිස් වසමේදී අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් දෙහැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊයේ (22) සන්ධ්‍යාවේ මෙම සිද්ධිය වාර්තා වීමත් සමඟ ධර්මපුරම් පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අසල්වැසි නිවසක් අසල පිහිටි අනාරක්ෂිත ජලය පිරුණු ළිඳකට මෙම දැරිය වැටී ඇති බවයි.
පසුව ඇයව බේරාගෙන රෝහල් ගත කළ ද, ප්‍රතිකාර ලබමින් සිටියදී දැරිය මියගොස් ඇත. මියගිය දැරිය ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















