යක්කල ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී නීති විරෝධී විද්‍යුත් දුම්වැටි 65ක් සමඟ සැකකරුවෙකු බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන විරඟුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරු විසින් අන්තර්ජාලය ඔස්සේ පාසල් සිසුන් සහ තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් මෙම නීති විරෝධී විද්‍යුත් දුම්වැටි ජාවාරම ක්‍රියාත්මක කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රඳවාගෙන සිටින අතර, අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මෙවැනි මත්ද්‍රව්‍ය ආශ්‍රිත ජාවාරම් සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් පසුවන ලෙස බුද්ධි අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.
















