කැනඩාවේ මොන්ට්‍රියෙල් නුවර ප්‍රධාන පෙළේ අවන්හල් සහ සුපිරි වෙළඳසැල් රැසක් පිහිටි ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක අද (ජූනි 23) සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම වෙඩි තැබීමේ සිදුවීමෙන් පොලිස් නිලධාරියෙකු සහ අහිංසක සිවිල් වැසියෙකු එතැනම මියගොස් ඇත. ප්‍රතිප්‍රහාර එල්ල කළ පොලිස් නිලධාරීන්ගේ වෙඩි පහරින් වෙඩි තැබීම සිදුකළ තුවක්කුකරු ද එම ස්ථානයේදීම මියගොස් ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැනේඩියානු බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති නමුත්, මෙම අන්තගාමී වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
















